දෙමළ පොලිසියක් - කොටි විරුවන්’

අද පැවැත්වෙන උතුරු පළාත් සභා මංගල සැසිවාරයේදී කොටි සංවිධානයේ මියගිය ‘මහවිරුවන්’ සිහිකර විශේෂ ප‍්‍රාර්ථනාවක් කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී පිරිසක් සැලසුම් කර තිබූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙමළ ජාතික සන්ධාන ප‍්‍රධානීන් ගණනාවක් මේ පිළිබඳව පැවැත්වු රහසිගත සාකච්ඡවකදී තීරණයක් ගෙන ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
යුද්ධයෙන් මියගිය මහවිරුවන් සහ උතුරේ ජනතාව සිහිකර විශේෂ ප‍්‍රාර්ථනාව සිදුකළ යුතු බව මෙම සාකච්ඡවට පැමිණි දෙමළ සන්ධාන රුඩිකල් මන්ත‍්‍රීන් පිරිසක් කළ යෝජනාව පිළිගැනීමෙන් පසු අදාළ තීරණයට එළැඹුන බව කියැවේ.
කෙසේ වෙතත් අද රැස්වූ පළමු පළාත් සභාවේදී මෙම තීරණය ක‍්‍රියාවට නැංවූවේද යන්න මෙතෙක් වාර්තා වන්නේ නැත.
නව පළාත් සභා සැසිවාරය පළාත් ආණ්ඩුකාර මේ‍ජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සහ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර සී.වී.කේ. සිවඥානම් මහතා උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

සභාව අමතමින් මහ ඇමති විගනේෂ්වරන් කියා සිටියේ උතුරු පළාත් සභාවට දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් අවශ්‍ය බවත් 13 වන ව්‍යවස්ථා සංශෝධණය ගැන තව දුරටත් අධ්‍යනය කරමින් සිටින බවත්ය.

Leave a Reply